NPP ජනහමුව ටොරොන්ටෝ

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගේ කැනඩා සංචාරයේ ප්‍රථම ජනහමුව අද කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ විශාල පිරිසකගේ සහභාගිත් වයෙන් පැවැත්වූවා.ටොරොන්ටෝ හි වෙසෙන සිංහල ප්‍රජාවට අමතරව දමිළ හා මුස්ලිම් ජනයාත් මෙම ජනහමුව සඳහා පැමිණ සිටීම කැපිපෙනුනා.

සිංහල භාෂාව නොතේරෙන ජනයා සඳහා භාෂා පරිවර්ථන උපාංග(Language translator device) ලබාදීමට කටයුතුකොට තිබීම විශේෂත් වයක්.සජීවී ජනහමුව පැවැත්වුන ශාලාවෙහි ආසන පිරීගිය පසු වීඩියෝ තාක්ෂණය ඹස්සේ නැරඹීම සඳහා අමතර ශාලාවක් සූදානම්කොට තිබෙනු දක්නට ලැබුනා.

ශ්‍රීලංකාවේ පවතින වත්මන් අර්බුධය සහ ඒ සඳහා ජාතික ජනබලවේගයේ විසඳුම් සරලව මෙහිදී දිසානායක මහතා පැහැදිලි කලා.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»