ශ්‍රීලාංකික යෙකුට කැනඩා රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ තනතුරක්…

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ අද රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලයන් හි වෙනස්කම් කිහිපයක් කොට ප්‍රකාශයට පත් කළේය.එම ජ්‍යෙෂ්ඨයන් අතරට ශ්‍රීලාංකික යෙක්ද අයත්වේ.ඇය තුෂාරා විලියම්ස් ය.

දැනට කැනඩාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සහකාර නියෝජ්‍ය අමාත්‍යවරිය වන තුෂාරා විලියම්ස්, 2023 ජූනි 19 දින සිට බලපැවැත්වෙන පරිදි අන්තර් රාජ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස පත්කොට ඇත.
තුෂාරා විලියම්ස් මහත්මිය කොළඹදී උපත ලබා ඇති අතර ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය කොළඹ කාන්තා විද්‍යාලයෙන් හදාරා ඇත. ඇය 1991 වසරේ දී කැනඩාවට සංක්‍රමණය වී ඇති අතර කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය මෙන්ම ගෝලීය සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා ඇත.

කැනඩා රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවූ ශ්‍රී ලංකා සම්භවයක් සහිත ප්‍රථම කාන්තාව තුෂාරා විලියම්ස් මහත්මිය වේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»