කැනඩාවේ ඔටාවාහිදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික පවුලේ අවමංගල්‍ය උත්සවය..

කැනඩාවේ ඹටවා නගරයේ පසුගියදා ඛේදජනක ලෙස ඝාතනයවූ ශ්‍රීලාංකික පවුලේ අවසන් කටයුතු අද ඹටවා නගරයේ අවමංගල්‍ය මධ්‍යස්ථානයකදී පැවැත්වූවා.මෙම අවමංගල්‍ය උත්සවය සඳහා ධනුෂ්ක වික්‍රමසිංහ(පියා), ශ්‍රීලංකාවේ සිට පැමිණි පවුලේ සාමාජිකයන්, ඹටවා ශ්‍රීලාංකික හිතවතුන් සහ ආරාධිත අමුත්තන් සහභාගී වී සිටිය.

ඝාතනයට ලක්වූ පවුලේ හිතවතකු වූ ගාමිණී අමරකෝන් මහතාගේ බිරිඳ සහ දියණියගේ හඬපට මෙම අවශ්ථාවේ දී ප්‍රචාරය කෙරුනා.

ආගමානුකූල කටයුතු සඳහා කැනඩාවේ සියලු ආගම් නියෝජන කරමින් ආගමිකක නායකයන් සහභාගි වීම විශේෂයෙන් කැපීපෙනුනා.

ආරාධිත අමුත්තන් අතර ඔටාවා නගරාධිපති(මාර්ක් සට්ක්ලිෆ්),කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී ලීසා මැක්ලියෝඩ්,ලිබරල් මන්ත්‍රීවරුන් වන ගැරී ආනන්දසංගරී සහ චන්ද්‍රා ආර්යා, ලමයින් අධ්‍යාපනය ලැබු පාසැලේ විදුහල් පතිනිය, ශ්‍රීලංකා මහකොමසාරිස් වරයා සහ උප කොමසාරිස් වරියද විය.මෙම අවමංගල්‍ය උත්සවය කැනඩාවේ බෞද්ධ සම්මේලනය (BCC) විසින් සංවිධානය කරන ලදී.

(Photo credit CTV News)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»