හරීන් ආවම කිමාලි ඉල්ලා අස්වෙයි..

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති ලෙස කටයුතු කළ කිමාලි ප්‍රනාන්දු මහත්මිය එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

ඇය ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අද (24) පෙරවරුවේ භාරදී තිබේ.

ඇය සිය ඉල්ලා අස්වීමේ ලියුම නව සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහතාට යොමු කරමින් සඳහන්කර ඇත්තේ තමා පසුගිය මාස 30 ක කාලයක් කිසිදු වැටුප් හෝ ප්‍රතිලාභයකින් තොරව රටේ යහපත වෙනුවෙන් වැඩ කළ බවත් නව අධ්‍යක්ෂ මණ්ඩලයක්පත්කරගැනීමට ඉඩ සලසමින් තමා ඉල්ලා අස්වන බවත්ය.

කෙසේවෙතත්, කිමාලි ප්‍රනාන්දු ‘ඩිල්මා ලේලිය’ යන නමින් ඇතැම් මාධ්‍ය හඳුන්වා තිබුණ අතර දේශපාලන වරප්‍රසාද අවභාවිතා කළබවට ඇයට ඇතැම් විවේචනද පැවතිණි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»