සෑම මසකම ප්‍රියන්ත ගේ වැටුප ඔහුගේ වැන්දඹුවට..අගමැති ඉම්රාන් ඛාන්.

ප්‍රියන්ත වෙනුවෙන් පකිස්තානයේ ඩොලර් ලක්ෂයක අරමුදලක් – මාස්පතා පෙර වැටුපම ලංකාවට..

ආගමේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයට පත්වන මිනිසුන්ට ඉඩ නොදෙන්න: අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

ප්‍රියන්ත කුමාර වෙනුවෙන් පකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති ශෝක ප්‍රකාශයක් අමතමින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියා සිටියේ “මෙතැන් සිට ආගමේ නාමයෙන් ප්‍රචණ්ඩත්වයේ යෙදෙන කිසිවෙකු රජය ඉතිරි නොකරන” බවයි.

සියල්කොට් හි ව්‍යාපාරික ප්‍රජාව මියගිය පුද්ගලයාගේ පවුල වෙනුවෙන් ඩොලර් 100,000 (රුපියල් ලක්ෂ 200) රැස් කර ඇති බවත්, සෑම මසකම ඔහුගේ වැටුප ඔහුගේ වැන්දඹුවට යවන බවත් පකිස්තාන අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මෙහදි ප්‍රියන්ත ප්‍රචණ්ඩකාරී මැර පිරිසෙන් බේරා ගැනීමට උත්සාහ කළ මලික් අද්නාන් නමැති පුද්ගලයාගේ ධෛර්යය ගැන ද අගමැතිවරයා කතා කළේය.”කායික ශක්තියට වඩා සදාචාරාත්මක ශක්තිය උතුම් බව ඔහු ඔප්පු කළ ඔහුගේ නිර්භීතකම සහ ධෛර්යය ගැන අපි ආඩම්බර වෙමු,” අගමැතිවරයා පැවසීය. “පකිස්තානයේ තරුණයන් සිය ගණනක් සතුන් ඉදිරියේ නැගී සිටි මනුෂ්‍යයෙකු ලෙස මලික් අද්නාන් සිහිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.”

2022 මාර්තු 23 වන දින අඩ්නාන්ගේ නිර්භීතකම වෙනුවෙන් සම්මානයක් ප්‍රදානය කරන බව ඔහු පැවසීය.

සිය දේශනය අවසානයේ අගමැතිවරයා යළිත් ප්‍රකාශ කළේ, “මා ජීවත්ව සිටින තුරු සියල්කොට් ඝාතනය වැනි සිද්ධීන් යළි ඇතිවීමට ඉඩ නොතබමි යනුවෙනි.

(ජියෝ ටීවී නිවුස්)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»