සරසවි හා උසස් අධ්‍යාපනයට අත තියන්න එපා’’-විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

රටේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත්වීමෙන් වළකින්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.කොතලාවල පනතට විරුද්ධ වන්නේ නොදැනුවත්කම නිසා යැයි ජනාධිපතිවරයා කරන ප්‍රකාශ මහජනතාව නොමඟ යැවීමක් යැයිද එම සමිති සම්මේලනය කියයි.කොතලාවල විශ්ව විද්‍යාලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගන්නා බවක් ජනාධිපතිවරයා ප්‍රකාශ කළද එවැනි ලේඛණයක් නැතැයිද එම සමිති සම්මේලනය සඳහන් කරයි.කොතලාවල පනතට මහජන විරෝධය තීව්‍රවන පසුබිමක විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරණයට හා මිල්ටරීකරණයට උත්සාහ ගනිමින් විශ්ව විද්‍යාල පනතට තාවකාලික සංශෝධන ඉදිරිපත් කිරීමට රජය උත්සහ ගන්නා බවද එම සමිති සම්මේලනය කියයි.(රංජන් කස්තුරි)Lankadeepa

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»