සයිනොෆාම් එන්නත් ලක්ෂ 40ක් අගෝස්තුවේ ලංකාවට.

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් අගෝස්තු මස පළමු සතියේ ලැබීමට නියමිතව ඇතැයි චීනයේ බීජිං ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.ඒ අනුව අදාළ එන්නත් තොගය අගෝස්තු මස 04 සහ 08 යන දින අතර ශ්‍රී ලංකාවට ගුවනින් රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවද එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.ශ්‍රී ලංකා රජය විසින් මුදල් ගෙවා එම එන්නත් තොගය වෙන්කරවා ඇති අතර මෙලෙස එකවර ලබා ගත් වැඩිම එන්නත් මාත්‍රා තොගය මෙය වන බවද එම තානාපති කාර්යාලය කියා සිටී.මේ එන්නත් මාත්‍රා ලක්ෂ 40 ද ඇතුළුව මේ දක්වා ශ්‍රී ලංකාව විසින් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 120 ක් චීනයෙන් මිලදී ගෙන ඇති අතර චීන රජය විසින් තවත් එන්නත මාත්‍රා ලක්ෂ 27 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි බීජිං හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.-උපුටාගැනීම-Lankadeepa.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»