ශ‍්‍රී ලංකාව කොරෝනා සිව්වැනි රැල්ල ආසන්නයේ..ඩෙල්ටා පැතිරීමත් වේගවත්..

කොරෝනා සිව්වන රැුල්ලේ ආරම්භයට රටක් වශයෙන් අප දැන් ළඟා වී ඇතැයි ශී‍්‍ර ලංකා වෛi සංගමයේ සභාපති විශේෂඥ වෛi පද්මා ගුණරත්න මහත්මිය ඊයේ (20 වැනිදා* කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය. පසුගිය කාලයේ සංචරණ සීමා පනවා තිබුණද සැලකිය යුතු ආකාරයෙන් ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දක්නට නොලැබුණු බවද ඇය පෙන්වා දුන්නාය. සංචරණ සීමා පැනවීමේදී පැවති යම් යම් අඩු ලූහුඬුකම් මේ තත්ත්වයට හේතු වූ බවද සඳහන් කළ ඇය මේ මොහොත වන විට ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදයේ වේගවත් පැතිරීමක් දක්නට ඇති බැවින් ජනතාව නොසැලකිලිමත් වුවහොත් එයට ගොදුරු වීම වැළැක්විය නොහැකි වනු ඇතැයිද කියා සිටියාය. පවතින වසංගත තත්ත්වය මෙන්ම රටේ ජනතාවගේ ජීවනෝපාය කියන එකත් ඉතා වැදගත් වන බවද කී ඇය කෙසේ වෙතත් මේ දෙක තුලනය කිරීමට යෑමේදී ආසාදිතයන් සංඛ්‍යාවේ වැඩිවීමක් සිදු වන බව සෞඛ්‍ය අංශ ලෙස පෙන්වා දියයුතුව තිබෙන බවද සඳහන් කළාය. පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා එන්නත්කරණ කටයුතු සිදු කෙරෙමින් තිබුණද මේ වන විට එන්නත ලබාදීමට හැකිවී තිබෙන්නේ රටේ ජනතාවගෙන් සියයට අටක පමණ පිරිසකට බවද විශේෂඥ වෛi පද්මා ගුණරත්න මහත්මිය පවසා ඇත.උපුටාගැනීම Divaina

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»