ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස සෝනාලා ගුණවර්ධන පත් කර තිබේ.

ඔහු මීට පෙර ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

ගුණවර්ධන මහතා සිය ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් ලබා ගෙන ඇත. පසුව ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති පීඨයේ නීතිය හදාරා ඇති අතර ෂෙන්යැන්ග් අභ්‍යවකාශ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා එම ධූරයෙන් පසුගිය දා ඉල්ලා අස්විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»