විමල්,ගම්මන්පිල සහ වාසු ට ජනාධිපති ගෙන් දොස්, අගමැති ගෙන් රෑ කෑම..

අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී රට වසා දැමීමේ යෝජනාවක් නොකර අනෙකුත්පක්ෂ සමඟ එක්වී රට වසන ලෙස ලිඛිතව දැන්වීම ගැන ජනාධිපති වරයා විමල්,ගම්මන්පිල සහ වාසුදේව යන අමාත්‍යවරුන් තිදෙනාටම වෙන වෙනම දුරකතනයෙන් අමතා ඔවුන් කර ඇත්තේ බරපතළ වරදක් බවත් අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම උල්ලංඝනය කිරීමක් බවත් පවසා ඇත.

මෙම චෝදනාව බරපතළ බවද ඔවුන් කැබිනට් මණ්ඩලයේ සිටිමින් එවැන්නක් කිසිසේත්ම නොකළ යුතු යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා ඇත.කෙසේ වෙතත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යවරුන් තිදෙනා සමඟ සුහද ලෙස සාකච්ඡා කිරීමට ඔවුනට සිකුරාදා රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වා ඇත.-උපුටාගැනීමකි

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»