විදුලි විරෝධය නවතන්නැයි පොලිසියෙන් කල ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි..

ලංකා විදුලිබල සේවක වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයන් කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට මාර්ගයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයෙන් මහජන පීඩාවක් ඇතිවන බැවින් එය නවතා දමන ලෙසට ආඥාවක් නිකුත් කරන්නැයි වැල්ලම්පිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් තමාට නියෝගයක් නිකුත් කළ නොහැකි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙන්ම පොලිස් බලතල පාවිච්චි කරමින් එහිදී කටයුතු කරන ලෙසත් පැමිණීල්ලට දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.(Lankadeepa)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»