ලංකාවේ ඩෙල්ටා රෝගීන් 68 ක් දක්වා ඉහළට..

වේගවත් ව්‍යාප්තියක් ඇති ඉන්දීය ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස්ඇත.කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව, කෝට්ටේ, රත්මලාන, අංගොඩ, නවගමුව, ගල්කිස්ස, කැස්බෑව යන ප්‍රදේශවලින්ද ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම මීගමුව ,මහබාගේ කටුනායක සහ බේරුවල යන ප්‍රදේශවලින්ද මෙම රෝගීන් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.ඉදිරි මාස කිහිපය තුළ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවයි.දැනට එම ප්‍රදේශය ලොව පුරා රටවල් 124ක ව්‍යාප්ත වී ඇතැයිද පවසන එම සංවිධානය මේ දිනවල හමුවන ආසාදිතයන් ගෙන් බහුතරයක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් බවත් පෙන්වා දෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»