රුසියානු හමුදා විසින් යුක්‍රේනයේදී අල්ලා ගත් ශ්‍රීලාංකික සිසුන්ට වදදීල..

රුසියානු හමුදා විසින් යුක්‍රේනයේදී අල්ලා ගත් ශ්‍රීලාංකික
සිසුන් පිරිසට පිරිමි පුද්ගලයන් 6 දෙනකු සහ එක් කාන්තාවක ඇතුලත් වන බව පැවසෙයි.

රුසියානු හමුදාවන් ඔවුන්ගේ දෑස් බැඳ ඹවුන්ව හඳුනා නොගත් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇතැයි යුක්‍රේන මාධ්‍යවේදිනියක වන මාරියා රොමනෙන්කෝ ට්විටර් පණිවුඩයක් අදාල ශ්‍රී ලාංකිකයින්ගේ ඡායාරූපත් සමඟ පළ කර ඇත.

එහිදී පඩි නොගෙවා රුසියානු හමුදා සිසුන්ගෙන් වැඩ ගෙන ඇතැයිද ඇය තැබූ ට්විටර් සටහනේ දැක්වේ.

යුක්‍රේනයේදී රුසියානු හමුදාව විසින් මාස 9ක කාලයක් සිර කරනු ලැබ සිටි ශ්‍රී ලාංකිකයින් 7 දෙනා වද හිංසාවලට ලක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇය පවසන්නේ, අධ්‍යයන කටයුතු සහ රැකියා සඳහා යුක්‍රේනයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රුසියානු හමුදා විසින් සිර කරනු ලැබ සිටි බව ය.

අදාළ මාධ්‍යවේදිනිය එම ශ්‍රී ලාංකිකයින් හමුවී ඔවුන් සමග සාකච්ඡා කර තිබේ.

ඇය පවසන්නේ, එම ශ්‍රී ලාංකිකයින්ගේ නියපොතු ගලවා, පහර දී වද හිංසාවට ලක්කර ඇති බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»