රුසියානු ‘ඒරෝෆ්ලොට්’ ගුවන් ගමන් නවත්වයි..

රුසියානු ‘ඒරෝෆ්ලොට්’ ගුවන් සමාගම ශ්‍රී ලංකාවට පැමිණෙන වානිජ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.එම ගුවන් සමාගම කොළඹ දී ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමද අත්හිටුවා ඇත.

රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රදවා තබා ගැනීමක් සිදු නොකරන බවට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර එකඟතාවයක් ඇත.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට වන්නේද රුසියාවයි.පසුගියදා අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගත්තේය.

මේ අතර රුසියාවේ විදේශ අමාත්‍යාංශය මොස්කවු ශ්‍රී ලංකා තානාපති කැඳවා අදාල සිදුවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»