යොහානිට එරෙහිව ඩයස්පෝරාව..කැනඩාවේ සිටින කොටි ක‍්‍රියාකාරිනියක් ඉස්සරහින්ම…

කොටි හිතවාදී බලවේග මේ සිංහල ගායිකාව ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා මහතාගේ දියණිය වීම නිසා කලබල වී ඇත.

යුද විරුවාගේ දියණිය ඉන්දියාව කැළඹීම උග‍්‍ර කොටි හිතවාදීන්ට ප‍්‍රශ්නයක් වී ඇති බවක් පෙන්නුම් කරයි. මේ ගැන ඔවුන් පළ කර ඇති ට්විටර් පණිවුඩ මගින් හෙළිව තිබේ.

එක පණිවුඩයක දැක්වෙන්නේ දෙමළ ඊළාම් ප‍්‍රජාව යොහානිට වසඟ නොවිය යුතු බවයි. ඉන්දියාවේ යොහානි සංචාරය කරන අතරතුර ට්විටර් හරහා කොටි හිතවාදීන් මේ තරුණ ගායිකාවට එරෙහිව ප‍්‍රචාර දිගින් දිගටම දියත් කර තිබිණි. මේ කැනඩාවේ සිටින කොටි ක‍්‍රියාකාරිනියක් මෙහි ප‍්‍රමුඛව සිටින බව හෙළි විය. ගිණුම පුරාම ඇත්තේ යොහානිට හා ඇගේ පියාට එරෙහිව ද්වේශ සහගත ප‍්‍රචාර පමණකි. මැණිකේ නිසා මියගිය ප‍්‍රභාකරන් යළි නැගිට්ටුවන්නට දෙමළ ඩයස්පෝරාවේ කැනඩා නඩයට බලවත් වුවමනාවක් ඇතිව තිබේ.

ඉන්දියාවේ සංචාරය අතරතුර යොහානි දකුණු ඉන්දියාවේ ප‍්‍රමුඛ සංගීත අධ්‍යක්ෂකයකු වන හැරිස් ජෙයරාජ් හා ගීත රචක මාදන් කාර්කි හමුවූවාය. මේ දෙදෙනාම් දෙමළ සිනමා කර්මාන්තයේ ප‍්‍රමුඛයෝය.ඹවුන ගේ එක් ට්විටර් ගිණුමේ සටහනක දැක්වුණේ ඊලාම් දේශයේ සිදු වූ ජන සංහාර හා යුද අපරාධ සඳහා යුක්තිය ඉල්ලා සටන් කරමින් සිටියදී යුද අපරාධකරුවකු ලෙස ප‍්‍රකාශයට පත් කරන ලද ජෙනරාල්වරයාගේ දියණිය යුද්ධය සාධාරණීකරණය කිරීම සඳහා ගීත ගයා ඇති බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»