යුක්රේනියානු වන් අන්තිම සටනට සැරසෙයි..

යුක්රේනියානු වන් අන්තිම සටනට සැරසෙයි..

අපිට තනියම අපේ රට ආරක්ෂා කරන්ට සිදුවෙලා..

ලෝකයේ බලවත්ම රටවල් මෙය දුර සිට බලා සිටිනවා..

අපේ සහයට කව්රුත් නෑ..-යුක්‍රේන ජනපති

මේ වන විට රුසියානු හමුදා යුක්රේන කියෙව්(Kiev) නගරයට ඇතුල් වී ඇති බව විදෙස්මාධ්‍ය වාර්තා කරනව. කියෙව් යුක්රේනයේ අගනුවර සහ වඩාත්ම ජනාකීර්ණ නගරයයි.එසේම නැගෙනහිර යුරෝපයේ වැදගත් කාර්මික, විද්‍යාත්මක, අධ්‍යාපනික සහ සංස්කෘතික මධ්‍යස්ථානයක් ද වෙනව.

යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරය ක් වන චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය රුසියානු හමුදා විසින් අත්පත් කරගැනීමෙන් පසුව ඹවුන් කියෙව් නගරය ආක්‍රමණය කර ඇති බවයි වාර්තා වන්නෙ.

රුසියානු හමුදා විසින් කියෙව් නගරය වෙත එල්ල කරන මිසයිල ප්‍රහාර නිසා නගරයේ ජනතාව විශාල වශයෙන් නගරය අත්හැර දමා යෑමට පෙළඹී තිබුණ බව වාර්තාවේ.

රුසියාවෙන් එල්ල වන ප්‍රහාරයට තමනට තනිවම මුහුණ දීමට සිදු වූ බවට යුකේ‍්‍රන ජනාධිපති ව්ලැදිමීර් සොලොන්ස්කි චෝදනා කරනව. යුක්රේනයේ ආධාරයට නොපැමිණීම සම්බන්ධයෙන් බටහිර ජාතීන් විවේචනය කළ ජනාධිපති ව්ලැදිමීර් රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් කිරීමට තම රට තනිකර ඇති බව පවසයි.

අපි තනියම අපේ රට ආරක්ෂා කරනවා. ලෝකයේ බලවත්ම බලවේග මෙය දුර සිට බලා සිටිනවා.

(photo credits i News.)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»