මිසසාගා(Mississauga) හිටපු මේයර් “හෙසල් මැක්කල්ලියන්”(Hazel McCallion) මියයයි..

මිසසාගා හි හිටපු දීර්ඝතම නගරධිපතිනිය වන හෙසල් මැක්කල්ලියන් හෙවත් “හේසල් සුළි කුණාටුව” ලෙස ආදරයෙන් හඳුන්වනු ලැබූ ඇය අද ඇගේ නිවසේදී සාමකාමීව මිය ගිය බව පවුලේ ඥාතීන් තහවුරු කර තිබෙනව.

1921 උපත ලද මැක්ලියන් 1978-2014 වසර 36ක් පුරා අඛණ්ඩව මිසසාගා නගරධිපතිනිය ලෙස කටයුතු කලේය.ඇය දේශපාලනයෙන් සමුගත්තේ වයස අවුරුදු 93 දීය.

ඇයගේ නායකත්වය යටතේ, Mississauga කැනඩාවේ හයවන විශාලතම නගරය බවට පත් විය.McCallion කීර්තිමත් රාජ්‍ය සේවකයකු විය.

මියයනවිට ඇය 101 වියේ පසු විය. මැක්කල්ලියන් පෙබරවාරි 14 වන දින 102 වන වියට පාතැබීමට නියමිතව සිටියාය.(Photo credit Internet)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»