මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 65කි.

1956 වසරේ අප්‍රේල් මස 21 වැනිදා උපත ලැබූ මංගල පින්සිරි සමරවීර මහතා විදේශ කටයුතු සහ මුදල් යන වඩාත් භාරධූර අමත්‍යංශ ඇතුළු අමාත්‍ය ධූර රැසක් හෙඹවූ ප්‍රබල දේශපාලන චරිතයකි.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායකරයා ලෙස 1983 වසරේ දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා 1989 වසරේ පැවැති මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්යෙන් පාර්ලිමේන්තුවට පළමු වරට තේරීපත්විය.1994 වසරේ පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ලැබූ ඒ මහතා ඉන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයන්හී වරින් වර විවිධ අමාත්‍ය ධූරවල කටයුතු කළේය.මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් රජයෙන් 2007 වසරේ ඉවත් කිරීමෙන් පසුව ඒ මහතා එක්සත් ජාතික පක්‍ෂයට එකතු වූ අතර ඒ මහතා අවසන් වරට 2015 වසරේ සිට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»