බැසිල් අස්වෙයි.. ආපසු ඇමරිකාවට..? හිස්තැන ධම්මිකට..

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් ලැබුණ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇමරිකාව බලා පිටත් වීමට නියමිත බවට දේශපාලන ආරංචිමාර්ග වාර්තා කර තිබේ.

තොරතුරු අනුව හෙට (09) දිනයේදී ඒ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනු ඇති බවයි පැවසෙන්නෙ.මේ අතර,ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවද ආරංචිමාර්ග සඳහන් කරනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»