බැසිල් අස්වීමෙන් පොහොට්ටුව දියාරුවෙයි..?පුෂ්පා රාජපක්ෂ රටින් පිටවෙයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දීමක් සමග එම පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්දේශපාලන වශයෙන් අනාථ තත්ත්වයකට පත්ව ඇත.

එම පිරිසෙන් ඇතැමුන් දැනටමත් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශව සමග වැඩි හිතවත්කම් පවත්වමින් ඇති අතර තවත් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට සමීප වීමට මාර්ග සොයමින් සිටින බව ආරංචිමාර්ග පවසනව.

මේ අතර බැසිල් රාජපක්ෂගේ බිරිය පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද (09) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ඩුබායි බලා ගමන් කරන යානයක නැගී පිටත්ව ගිය බවත් ඩුබායි ඔස්සේ ඇමරිකාවට යන බව සටහන්වූ බවත් වාර්තාවේ.

කෙසේවෙතත්, අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශකර ඇත්තේ ජනතාව කැදෙවුවොත් ආපහු තමන් දේශපාලනයට පැමිණෙන බවය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»