බ්‍රිතාන්‍යයේ අන්තර්ජාතික රූ රැජින මේ දිනවල ශ්‍රී ලංකාවේ..

බ්‍රිතාන්‍යයේ අන්තර්ජාතික රූ රැජින කිරුළ 2022 හිමි කර ගත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති එවැන්ජලින් එල්ක්මැනර් සංචාරයක් සඳහා ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් සදහා ව්‍යාපෘති ගනනාවක් ඇයගේ ධන පරිත්‍යාගයෙන් සිදුකිරීමට නියමිත බවයි පවසන්නෙ.

මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ජපානයේ ටෝකියෝ හී දී පැවැත්වීමට නියමිත 60 වන ලෝක අන්තර්ජාතික රූ රැජින තරගාවලිය සදහා බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් ඇය සහභාගී වීමට නියමිතය .

එහිදී ඇය ජයග්‍රහණය කළහොත් ඇයට හිමි වන ත්‍යාග මුදලින් 20% ක් ශ්‍රී ලංකාවේ දිළිදු ජනතාව සදහා වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා වැය කිරීමට සූදානමින් සිටින බව ඇය කටුනායක ගුවන් තොටුපළේ දී අනාවරණය කර ඇත.(photos from Evanjelin’s FB)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»