පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කල රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයාගෙන් ටියුෂන් සිසුවකුට අමානුෂික ප්‍රහාරයක්..

සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය 26 වනදායි.ඩිෆෙන්ඩර් රථවල ආරක්ෂාව මැද පැමිණි ඇමැති පුතා ඇතුළු කණ්ඩායමක් කිරිබත්ගොඩ ප්‍රසිද්ධ උපකාරක පන්තියක් ඉදිරිපිටදී පන්තියට පැමිණි සිසුවකුට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර ඇත.

ප්‍රදේශවාසීන් පවසන අන්දමට විස්සක පමණ කණ්ඩායමක් එම සිසුවාට ලේ වැගිරෙන තුරු පහරදී තිබේ.පහරදුන් පිරිසට අමතරව කළු ඇඳුම් ඇඳගත් ප්‍රභූ ආරක්ෂකයන් මෙන් වූ පිරිසක් ඩිෆෙන්ඩර් රථවලින් පැමිණ අසල සිටි බවද ඹවුහූ පවසති.

පොලීසිය විසින් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රායා අතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ ඇමති පුත්‍රයාගේ මිතුරෙකුගේ පෙම්වතියකට, අදාළ සිසුන් දෙනොගෙන් අයෙක් පෙම් හසුනක්දීමේ සිද්ධියක් මෙම පහරදීමට හේතුවී ඇති බවයි.

සැකකරුවන් පස් දෙනාද කිරිබත්ගොඩ පොලීසිය විසින් පොලිස් ඇප මත මුදාහැර තිබුණි.

පහරදීමට පැමිණි මෝටර් රථය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කළ මෝටර් රථයක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»