පාපැදිවලින් වැඩට යන්න කැබිනට් පත්‍රිකාවක්..

වායු දූෂණය ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් සෙවීම සඳහා පාපැදි භාවිතය දිරිමත් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත.

පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් සකස්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ප්‍රධාන මාර්ගවල පාපැදි මංතීරුවක් වෙන් කිරීම පිළිබඳව ද සොයා බැලීමට තීරණය කර ඇති බව හෙතෙම පැවසීය.

ඔහු වැවැඩදුරටත් සඳහන් කර ඇත්තේ, වාහන තදබද ඇති විට එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් අහිමි වන බව සමීක්‍ෂණයකින් හෙලිව ඇති බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»