නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වේ.

මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා…

තරුවක් වාගේ හෙටත් නොපායන

මගේ යොවුන් හද ප්‍රාර්ථනා..

අදත් එදාමෙන් බලා හිඳී

මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා…

ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වේ.

ප්‍රවීණ සහ ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය ඉතාලියේදී අභාවප්‍රාප්ත වී තිබේ. ඇය මිට දින කිහිපයකට පෙර ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස වැඩ භාර ගන්න ලදී. එ සේ වැඩ භාරගැනීමෙන් ටිකදිනකට පසු සිය නිල නිවසේදී හදිසි හෘදයාබාධයකට ලක්ව මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇතැයි එරට ආරංචි මාර්ග කියයි.

පසුගිය 10 වැනි දා වැඩ බාරගත් ඇයට තනතුරේ වැඩ කරන්නට ලැබුනේ සතියක් පමණි.අභාවප්‍රාප්ත වන විට නීලා වික්‍රමසිංහ මහත්මිය 70 හැවිරිදි වියේ පසුවුවාය.

වියෝ ගී ගැයෙනා හදේ,මාස්ටර් සර්,දරුවෝ ඇති අම්මාලා, දවසක්දා රෑ, පුංචි සිතේ පුංචි සිනා, බෝධියේ විහාරයේ, ඔබගේ සෙවණේ, රහසේ හඩනා අපෙ හැගුම්, සූසැට බරනින්, රන් ටිකිරි සිනා,යාළුවේ සිතින් හඩන්නෙපා, මගේ ලොවට ඔබ වඩින තුරා සහ නගේ නගේ වැහි එනවා ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ඇය ගායනා කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»