දුමින්ද සිල්වාට දුන් ජනපති සමාව තාවකාලිකව අහෝසියි….වහාම අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩීයට නියෝග….

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ මව විසින් ගොනුකර තිබූ මූලික අයිතවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත්කර තිබෙයි.

දුමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව ඒ අනුව තාවකාලිකව අත්හිටුවන අතර නැවත සිරමැදිරියට යායුතුය.එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අදිකරණය භාරයට ගන්නා ලෙසද නියෝග කර ඇත.

2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරැදිකරු කරමින් 2016 දී ඔහුට මරණ දඬුවම නියමව තිබුණු නමුත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි පසු 2021 ජුනි 24 වනදා ඔහුට ජනපති සමාවක් ප්‍රදානය කර නිදහස් කළේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»