දකුණු අප්‍රිකාව රැජිනගේ අභාවයෙන් පසු මහා තරු දියමන්ති ආපසු ඉල්ලා සිටී…

දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු දකුණු අප්‍රිකාවට දෙන්නැයි, එරට දේශප්‍රේමී සංවිධානයක් බ්‍රිතාන්‍ය රජ පවුලට දන්වා ඇත.

අප්‍රිකාවේ මහා තාරකාව නොහොත් කූලිනන් I(Cullinan I) යනු 1905 දී දකුණු අප්‍රිකාවේ කැණීම් කරන ලද විශාල මැණිකකින් කපා දකුණු අප්‍රිකාවේ යටත් විජිත බලධාරීන් විසින් බ්‍රිතාන්‍ය රජ පවුලට භාර දෙන ලද දියමන්තියකි.

දකුණු අප්‍රිකා දේශප්‍රේමී ක්‍රියාකාරීන් පෙන්වා දෙන ආකාරයට, රැජිනගේ අභාවයෙන් පසු තමන් ‘කලිනන් 1’ දියමන්තිය පමණක් නොව, දකුණු අප්‍රිකාවෙන් හමුවී පසුව බි්‍රතාන්‍ය රජ පවුලට ලබා දුන් සෙසු දියමන්ති ද ආපසු අවශ්‍ය බවය. එම දියමන්ති සුදු පාලකයන් විසින් දකුණු අප්‍රිකාවෙන් කොල්ල කෑ බවට දේශප්‍රේමී ක්‍රියාකාරීහු චෝදනා නගති.

(රොයිටර්)

දෙවන පින්තූරයෙන් දැක්වෙන්නේ අප්‍රිකානු පුවත්පතක් වන The Standard හි පලවී ඇති කාටූනයකි. “ඉතිහාසයෙන් බිඳක්” ලෙස එය නම්කොට ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»