ටොරොන්ටෝ හි 401 අධිවේගී මාර්ගයේ වාහන 2ක් මුහුනට මුහුනලා ගැටීමෙන් දෙදෙනම එතනම මියයයි…

ටොරොන්ටෝ හි 401 අධිවේගී මාර්ගයේ වාහනයක් වැරදි මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් ඉරිදා උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව ඔන්ටාරියෝ පළාත් පොලිස් නිලධාරීන් පවසයි.

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ උදෑසන 5:30 ට පමණ Bayview මාවත අසල අධිවේගී මාර්ගයේ නැගෙනහිර දෙසට යන මංතීරුවලය.

වාහනයක් නැගෙනහිර දෙසට යන මංතීරුවල බටහිර දෙසට ගමන් කිරීම හේතුවෙන් මෙම ගැටුම සිදුවී ඇත.

35 හැවිරිදි Mississauga කාන්තාවක් විසින් පැදවූ එම වාහනය 53 හැවිරිදි Angus පිරමියෙකු විසින් පැදවූ නැගෙනහිර දෙසට යන වාහනයක ගැටී ඇති බවයි පවසන්නෙ. රියදුරන් දෙදෙනාම එම ස්ථානයේදීම මිය ගිය බව වාර්තා වෙනව.

(CityNews)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»