ටෙක්සාස් ප්‍රාථමික පාසලක වෙඩි තැබීමක්.. 21 දෙනෙක් මිය ගිහින්..

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ උවාල්ඩේ ප්‍රාථමික පාසලක(24දා) 18 හැවිරිදි තුවක්කුකරුවෙකු විසින් සිදු කල වෙඩි තැබීමෙන් ළමුන් 18 දෙනෙකු සහ අවම වශයෙන් වැඩිහිටියන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනව.

මෙම ප්‍රදේශය අවට දැඩි ලතින් ප්‍රජාවක්(heavily Latino community) වාසය කරන බවයි පවසන්නෙ.

ප්‍රහාරයට පෙර මෙම පුද්ගලයා ප්‍රහාරයක් ගැන සමාජ මාධ්‍යවල ඉඟි කර ඇති බවද සඳහන් වෙනව.ඔහු තම උපන්දිනය වෙනුවෙන් මිලදී ගත් හමුදා මාදිලියේ රයිෆල් දෙකකින් පාසලට යාමට පෙර තම ආච්චි මරා දමා ඇති අතර ඉන් පසුව පාසැලට ඇතුළු වී මෙම ඝාතන සිදුකර ඇත.

වෙඩිතැබීම් වලින් පසු ඹහු පවසා ඇත්තේ “ඔහුගේ 18 වැනි උපන්දිනයේදී ඔහු කළ පළමු දෙය එයයි,” යනුවෙනි.

ප්‍රතිප්‍රහාර හමුවේ ඹහු මියගොස් ඇත.සැකකරු උවල්ඩේ උසස් පාසලෙහි(Uvalde High School) හි ඉගෙනුම ලබන සිසුවෙකු බවත් ඔහු එක්සත් ජනපද පුරවැසියෙකු බවත් පැවසෙනව.

(Video Credit Global News)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»