ජනපති ආරක්ෂාව වැඩි කරයි..

ජනාධිපති ගේ ආරක්ෂාව සම්බන්ධව ක්‍රියාත්මක වන ජනාධිපති ආරක්ෂක කණ්ඩයේ සහායට නියෝජ්‍ය පොලිස්පතිවරයකු හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත්කර ඇතිබව වාර්තා වෙනව.

මෙතෙක් ජනාධිපතිවරයාගේ ආරක්ෂක කණ්ඩයේ සිටින පොලිස් කණ්ඩායම්වලට අණදීම සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ තිබිණි.

අන්තර් විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලය මහ බැංකුව අසල පිහිටි පොලිසියේ ආරක්ෂක වළල්ල බිඳ දමා ජනපති මන්දිරයට ඇතුළුවීමට ගත් උත්සාහය ඇතුළුව පොලිසියෙන් සපයන ආරක්ෂාව සම්බන්ධව උද්ගත වූ අඩුපාඩු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතිබවයි ආරංචිමාර්ග පවසන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»