චීනය ලංකාවේ ව්‍යාපෘති තුනක් හකුලා ගනියි..

චීන සමාගමක් මගින් උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරිමට සුදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් ‘සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි’ නම් චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව එහි සඳහන් වේ.

උතුරු පළාතේ ඩෙල්ෆ් , අනලතිව් සහ නයිනතිව් දුපත්වල මෙම විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට චීන සමාගම සුදානමින් සිටි අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබිණි.

ශ්‍රි ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමු චීන සමාගම මාලදිවයිනේ දූපත් 12 ක සූර්ය බලාගාර පිහිටුවීම සඳහා එරට රජය සමග පසුගිය 29 වැනිදා ගිවිසුම් අත්සන් කර තිඇතැයි ද එහි දැක්වේ.
(ඩයනා උදයංගනී)Lankadeepa 

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»