ගලගොඩඅත්තේත් ජනාධිපතිට කරන්න බැරිනම් යන්න කියයි..

දැන් ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් නෑ… මිනිස්සුන්ගේ බඩගින්දර එක්ක, අවේගය සමග සෙල්ලන් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි මේක.

අපි පළවෙනි යෝජනාව ආණ්ඩුවට කරනවා. කරුණාකරලා මේ ප්‍රශ්නය විසඳාගන්නේ කොහොමද කියලා පුළුල් නිවේදනයක්, යම් සකච්ඡාවක් ඇතිකරගත යුතු වෙනවා.

අර කාලෙට, මේ කාලෙට, පසුගිය ආණ්ඩුවලට චෝදනා කළා කියලා මේකට උත්තරයක් හොයන්න බෑ.දැන් ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් නෑ, අගමැතිවරයා ගැන විශ්වාසයක් නෑ, කැබිනට් එක ගැන විශ්වාසයක් නෑ, මන්ත්‍රීවරුන් ගැන විශ්වාසයක් නෑ. මෙහෙම ආරාජික වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ.

මේක විශාල අවාසනාවන්ත තත්ත්වයක්. මේ තෙල් ටික, ගෑස් ටික බෙදාගන්න බෑ කියන අවිශ්වාසය වෙනුවට කෝවිඩ් ප්‍රශ්නය කළමනාකරණය කළා වගේ මේ ප්‍රශ්නය කළමණාකරනය කරලා පෙන්නුවොත් මිනිස්සුන්ට යම් විශ්වාසයක් ඇතිවෙයි මේ අර්බුදය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා.මේක කරන්න නම් හොඳ වැඩකාරයෙක් අපිට අවශ්‍යයි. අපිට පේනවා දැන් රටඅයාලේ යනවා. ඒ නිසා කරුණාකරලා ආණ්ඩුව කියන්න මේ විශ්වාසය හදන්නේ කොහොමද? ප්‍රශ්නය විසඳන්නේ කොහොමද? ඒක විසඳන්න කොපමණ කාලයක් යනවාද? කියලා.කරන්න බැරිවුන් පැත්තකට වෙලා කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න” යනුවෙන් සඳහන් කර ඇත.

-අද

Translate-(English/Sinhala/Tamil )»