කැනඩාව සුරතුලුන්ට පිහිට වෙයි.

ඇෆ්ගනිස්ථානයේ අතරමං වූ සිය ගණනක් සුරතල් සතුන් කැනඩාවේ වැන්කුවර් වෙත..

අෆ්ගනිස්තානයේ පාලනය තලේබාන්වරුන්ට භාර කරමින් එක්සත් ජනපදය සිය ගුවන් මෙහෙයුම් අවසන් කිරීමත් සමග මෙම සුරතලුන්ගේ හිමිකරුවන් විවිධ රටවල රැකවරණ පතා ගොස් ඇති අතර ගුවන් පහසුකම් නොමැතිකම නිසා මෙම සතුන් මාස 6ක පමණ කාලයක්ගුවන්තොටුපොළහි සිරවී ඇත.

මෙම සුරතලුන් අතර සුනඛයන් 156 දෙනෙකු සහ බළලුන් 133දෙනෙකු වෙන බවයි වාර්තා වෙන්නෙ.

කාබුල් නුවර ක්‍රියාත්මක සතුන්ට හිරිහැර කිරීම වැළැක්වීමේ සංගමය(Society for the Prevention of Cruelty to Animals (SPCA)) මගින් මෙම සුරතලුන් ගුවන්තොටුපොළෙන් ඉවත් කිරීම සදහා අවශ්‍ය පහසුකම් සපයා තිබේ.

මුලදී මෙම සතුන් එක්සත් ජනපදය වෙත රැගෙන යාමට නියමිතව තිබුණත්,එක්සත් ජනපදය එයට අකමැත්තක් දක්වා ඇති නිසා කැනඩාවේ වැන්කුවර් වෙත රැගෙන විත් තිබේ.

මෙම සුරතලුන් ඹවුන් ගේ හිමිකරුවන් සමග යළි සම්බන්ධ කිරීමටත්,ඉතිරි පිරිස එහි හදාවඩා ගැනීමටත් තීරණය වී තිබේ. (CBC ඇසුරෙන්)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»