ඊයේ(06-28) දිනයේ මහ බැංකුව විසින් රුපියල් බිලියන 208.45 ක් මුද්රණය කර ඇති බව වාර්තා වේ.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුල ඊයේ දින වන විට මෙරට අච්චු ගසන ලද මුළු මුදල් ප්‍රමාණය රුපියල් ටි‍්‍රලියනය ඉක්මවන බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙරට අච්චු ගසා ඇති මුදල් ප‍්‍රමාණය රුපියල් 1,128,000,000,000 යයිද ඒ මහතා පවසයි.

මේ අතර ඊයේ දිනයේ මහ බැංකුව විසින් රුපියල් බිලියන 208.45 ක් මුද්‍රණය කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත.

මෙම මුදල දිනක් ඇතුලත මුද‍්‍රණය කරන ලද වැඩිම මුදල් ප‍්‍රමාණය යයිද එම වාර්තා දැක්වෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»