ඊයේ ගාලුමුවදොර දී පහර දී අත්අඩංගුට ගත් අරගලකරුවෝ නිදහස්..නීතිඥයෝ 350ක් ස්වේච්ඡාවෙන්…

ජනාධිපති ලේකම් කාර්යාලයේ දේපළ වලට අලහභානි සිදු කිරීම ඇතුළු චෝදනා ඉදිරිපත් කරමින් ඊයේ අලුයම ගාලුමුවදොර පිටියේදී පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට පුද්ගලයින් 09 දෙනෙකු ඉදිරිපත් කළ අතර නීතිවේදී නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් 09 දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම 09 දෙනා වෙනුවෙන් අධිකරණ භූමියට නීතීඥවරු 350 ට ආසන්න පිරිසක් ස්වේච්ඡාවෙන් පැමිණ තිබීම විශේෂත්වයකි. මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අමානුෂික ප්‍රහාරයක් සිදුවූ බවද අධිකරනයේදී පෙන්වා දෙන ලදි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»