ඉන්ධන නොමැති නිසා ලංකාව ලොක්ඩවුන්…..

අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

සෞඛ්‍ය, වරාය, විදුලි, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් ආදී අත්‍යවශ්‍ය කටයුතු පමණක් සිදුකරන අතර ඒ සඳහා පමණක් ඉන්ධන ලබා දෙයි.

නගරාශ්‍රිත සියලු පාසල් ජූලි මස 10 වනදා දක්වා වසා දැමීමට තීරණය කර ඇති අතර සෙසු පාසැල්ද විදුහල්පති අභිමතය පරිදි කටයුතු කල හැක.

ඒ අනුව අද දිනයේ සිට ලබන මස 10 වැනි දින දක්වා පෞද්ගලික වාහන වලට ඉන්ධන ලබා දීම නතර කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වා යන්නට රජය සැලසුම් කර ඇති අතර අනෙක් සේවා සියල්ල නිවසේ සිට කරගෙන යන ලෙස දන්වා ඇත.කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ පෞද්ගලික වාහන සඳහා මෙම කාලය තුල ඉන්ධන නිකුත් නොකරන බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»