ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරව සම්මානයෙන් වජිරා චිත්‍රසේන පිදුම් ලබයි.

Vajira- The First Professional Female Dancer of the Sinhalese Style.

ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරව සම්මාන වන පද්ම ශ්‍රී සම්මානය මෙවර ලංකාවේ ප්‍රවීණ නර්තන ශිල්පිනී ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය වෙත පිරිනමා තිබේ.

කලා ක්ෂේත්‍රයට ඇය කල දායකත්වය ඇගයීමක් වශයෙන් ඇයට මෙම සම්මානය පිරිනමා ඇති බවයි පවසන්නෙ.

මෙම සම්මාන ප්‍රදානය කිරීම ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා අතින් නවදිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපති භවන් හිදී ඉකුත් 08 වැනිදා සිදුකෙරුණු අතර

එම සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගීවීමට නොහැකි වූ වජිරා චිත්‍රසේන මහත්මියට හිමි සම්මානය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති චාම් උත්සවයකදී ප්‍රදානය කෙරිණි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»