ඇමරිකානු බැංකුවකින් ලංකාවට නඩු..මුදල් හා පොලිය සම්පූර්ණයෙන් ගෙවන ලෙස ඉල්ලයි…

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ජූලි 25 වැනිදාට නියමිත ශ්‍රී ලංකාවේ 5.875% ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250කට වැඩි ප්‍රමාණයක් හිමි Hamilton Reserve Bank Ltd, අඟහරුවාදා නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයේ මෙම නඩුව ගොනු කර ඇති බවයි.

ශ‍්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් විසින් සැලසුම් සහගතව නය ගෙවීම පැහැර ඇති බව පවසමින්තමන්ට ගෙවිය යුතු මුදල් හා පොලිය සම්පූර්ණයෙන් ගෙවන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලමින් මෙම නඩුව ගොනු කර තිබේ.

ශාන්ත කිට්ස් සහ නෙවිස්(St. Kitts & Nevis) හි පිහිටි හැමිල්ටන් සංචිත බැංකුව ගොනු කළ නඩුවේ පැමිණිල්ලේ ශ‍්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම රාජපක්ෂ පවුල ඇතුළුව ශ‍්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සැලසුම් සහගතව සිදු කර ඇති බව සඳහන් වෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»