අරගලයේදී ඹවුන් මුනගැසුනාද…? දරුවා ටොයිලට් එකේ දමාගියාද …? චතුරංගනී ඇයට සිදුවූ අසාධාරණය කියයි.

පසුගියදා ලංකාවේ දුම්රියක බිළිඳෙකු දමාගිය සිද්ධිය සම්බන්ධව විවිධ කතා සහ පෝස්ටර සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය.ඉන් එක් ප්‍රචාරණයක් වූයේ ඹවුන් ගෝඨාගෝගම අරගලයේදී හමුවූ දෙදෙනෙකු බවත් අළුත උපන් බිළිඳා දුම්රිය වැසිකිළියේ දමා ගොස් ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් Factcrescendo Sri Lanka කල විමර්ශනයකදී අනාවරනය වී ඇත්තේ මෙම ඡායාරූපයේ පෙනී සිටින්නේ ඒ කියන තරුණිය හෝ තරුණයා නොවන බවයි.එසේම බිළිඳා දුම්රිය වැසිකිළියේ දමායාම හා සම්බන්ධිත පොලිස් පරීක්ෂණ වලදීද මෙම යුවළ අරගලයට සම්බන්ධව සිටි බවට කරනු අනාවරණයවී නැති බවයි.

මෙම පින්තූර වල සිටින චතුරංගනී යන කාන්තාවගෙන් කරුණු විමසා ඇති අතර ඇය පවසා ඇත්තේ තමන් ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ ටී ෂර්ට්, බැනර් මුද්‍රණය කරමින් චිත්‍ර අඳිමින් දායකත්වය සැපයූ බවත් හුවමාරු වන ඡායාරූපය පසුගිය මැයි 09 වන දා ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය අවස්ථාවේ තමන් ගේ කූඩාරම ද, අහිමිව වෙනත් අට්ටාලයක නිදා සිටින අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් බවත් ය.

මෙම ඡායාරූපය ඡායාරූප ශිල්පී රුවන් ගුණරත්න මහතාගේ ඡායාරූප ඇල්බමයේ පළ වී තිබූ එකක් වන අතර ව්‍යාජ සටහන් යොදා එය පළකර ඇති බවයි.මේ සම්බන්ධව ඡායාරූප ශිල්පී රුවන් ගුණරත්න මහතාද විරෝධය පළකර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»