අදෘශ්‍යමානය‘ ජාතික රූපවාහිනියෙන් පොහොය දිනවල විකාශණය වන වැඩසටනකි.

මේ සඳහා ලංකාවේ වෙසෙන විවිධ හාස්කම් ඇතැයි පවසන පුද්ගලයන්(යකදුරන්,යකදුරුවරියන්,දේවාල කපුමහතුන්මෑණියන්)ගෙන්වා ඹවුන් ගේ දස්කම් පෙන්වීමට ඉඩ හැර මනෝ චිකිත්සක වෛද්‍යවරයෙකු සහ ස්වාමින් වහන්සේ නමක් සමඟ ඹවුන් ගේ දැනීමේ මට්ටමින් ඒ පිළිබඳව විග්‍රහක් ඉදිරිපත් කරයි.

පසුගිය 11 වනදා නිකිනි පොහොය දිනයේ දහවල් ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘අදෘශ්‍යමානය‘ වැඩසටහනට ඉදිරිපත්වූ කාරණා මේ වනවිට කතාබහකට ලක්ව තිබේ. ගාල්ල හපුගල ප්‍රදේශයේ සිට පැමිණි ‘සෙව්වන්දි මෑණියෝ‘ නමැති 27 හැවිරිදි හත්මස් ගැබිණි කාන්තාවක වන ඇය එම වැඩසටහනේදී මනෝ චිකිත්සක වෛද්‍යවරයෙකු,ස්වාමින් වහන්සේ නමක හා නිවේදිකාව ඉදිරියේ ඇයගේ දස්කම් පෙන්වීමට උත්සාහ කළ අතර ඇතැම් සැකසහිත කාරණා හමුවේ ප්‍රසිද්ධියේ විවේචනයටද ලක්වූවාය.

අවසානයේ මෙම වැඩසටහනින් ඇයගේ කීර්ති නාමයට අපහාස කල බවටද ඇය චෝදනා කර තිබුනි.

කෙසේ වෙතත් මෙම අභියෝගය භාරගත් කීප දෙනකුම සමාජජාල වෙත ඹවුන්ගේ වීඩියෝ නිකුත් කිරීමට පටන් ගෙන ඇත.

අරයට වඩා මාලන්ගෙ පොල්ගෙඩිය කෙලින්….

https://fb.watch/eXp3kDVCFb/

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»