අගමැති ගේ සල්ලි හොරකම් කල කතාව බොරුලු..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික බැංකු ගිණුමකින් විශාල මුදලක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රොහාන් වැලිවිට කියා ඇත්තේ එවැනි සිදුවීමක් පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය නොදන්නා බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා තමාගේ දැනුමට අනුව සාවද්‍ය බවයි.

මේ අතර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ද සිය පියාගේ බැංකු ගිණුම සම්බන්ධ සිද්ධිය තමන් නොදන්නා බව ප්‍රකාශකර තිබුණා.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»