LAO CEYLON…

අග්නිදිග ආසියාවේ ගොඩබිම් සහිත එකම රට ලාඕසයයි.පිහිට තිබෙන්නේ තායිලන්තය සහ වියට්නාමය අතර සහ කාම්බෝජයට උතුරින්.

“LAO CEYLON” ලාඕසයේ සංගීත කණ්ඩායමකි.මොවුන් සිංහල සිංදුවලට ඇතිආශාව නිසා LAO CEYLON සංගීත කණ්ඩායම පිහිටුවා ගෙන ගායනා ඉදිරිපත්කිරීමට පෙළඹී ඇත.

මොවුන් ගේ භාෂාව ලාඹ්ස් වුවත් සිංහල වචන ඉතා හොඳින් උච්චාරනය කරමින් සිංදු ගනනාවක්ම ගයනා කර ඇත.මෙම ගායනය ඒවා අතුරෙන් වඩාත්ම ජනප්‍රිය වූවකි.

මෙහි මුල්ගායනය ඉංද්‍රාණි පෙරේරා ගෙනි.පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධනසංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන.

ඹවුන් හඳුන්වා දෙන ආකාරයට….ෆෙල්සිංගර් කුමරු මගේ සහෝදරයා, ඔහු ලාඕ සිලෝන් ආරම්භ කළේ සංගීතයට ඇති ඇල්ම සහ බොහෝ දුරට ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ සංගීතයට ඇති ඇල්ම නිසා. 70 දශකයේ ක්ලැරන්ස් මහත්මයා, මිල්ටන් මහත්මයා සහ ඉන්ද්‍රානි මහත්මිය, ඩැල්රීන් මහත්මිය, මරියසෙල් මහත්මිය සහ සුපර් ගෝල්ඩන් චයිම්ස් වැනි 70 දශකයේ ශ්‍රී ලාංකේය සංගීත දැවැන්තයන්ගේ ජනප්‍රිය ගීත කිහිපයක් ලාඕස ජාතිකයන් සමඟ මගේ සහෝදරයා එක්ව සංගීතය වාදනය කරන ආකාරය මම දුටුවෙමි. මට හිතුනා මේ සංගීතඥයන්ට ආදරය කරන අයත් එක්ක බෙදාගන්න එක හොඳයි කියලා. ඉතින් මම ඒක මගේ චැනල් එකට අප්ලෝඩ් කළා.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»