GMOA එකෙන් පාදෙනිය ඉවතට..25 දෙනෙකුගෙන් සමන්විත මධ්‍යම කාරක සභාවක් නිතරගයෙන් තේරී පත්වෙයි..

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එහි හිටපු සභාපතිවරයා වන අතර ඔහු මෙවර නිලවරණයේදී නාමයෝජනා ලබා දී නොමැත.මීට පෙර වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වසර 12ක කාලයක් එම සංගමයේ සභාපති ධූරයේ කටයුතු කරනු ලැබීය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ 95 වන වාර්ෂික නිලවරණය පසුගිය සෙනසුරාදා දින (ජූනි 11) පවත්වන්නට යෙදුණි.එහිදී ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත විධායක සභාවක් හා 25 දෙනෙකුගෙන් සමන්විත මධ්‍යම කාරක සභාවක් නිතරගයෙන් තේරී පත් විය.

මෙවර තේරී පත්ව ඇති නව සංගමයේ විශේෂත්වයක් වන්නෙ ඹවුන් නිර්පාක්ෂිකව කටයුතු කිරීමට තීරණය කිරීමයි.පසුගිය කාලය පුරාවටම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දේශපාලනීකරණය වීම හේතුවෙන් වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කෙරෙහි මෙන්ම සාමාජිකයින් කෙරෙහි පැවති පොදු ජන විශ්වාසනීයත්වය හා ගෞරවය බිංදුවටම සිඳිගොස් තිබුනි.

සමාජ මාධ්‍ය හරහා පාදෙනිය මහතා සම්බන්ධව නිර්මාණය වූ උපහාසාත්මක සහ අපහාසාත්මක පුවත් නිතරම දැකගත හැකිවිය.

ආරංචිමාර්ග අනුව වෛද්‍ය පාදෙනිය මහතා නැවත දේශපාලනයට එක් නොවීමට තීරනය කර ඇති බවයි පැවසෙන්නෙ.

2022 / 2023 වර්ෂය සදහා තේරී පත්වූරජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නව විධායක කමිටුවසභාපතිවිශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා

උප සභාපතිවරුන්විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතාවිශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා

ලේකම් – වෛද්‍ය හරිත අලුත්ගේ මහතාඋප ලේකම්වරුන්වෛද්‍ය කාංචන බුලන්කුලම මහතාවෛද්‍ය අජන්ත රාජකරුණා මහතාවෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාවෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා

භාණ්ඩාගාරිකවෛද්‍ය කමල් කොඩිකාර මහතාසංස්කාරකවෛද්‍ය චන්දන ධර්මරත්න මහතාඋප සංස්කාරකවෛද්‍ය චමිල් විජේසිංහ මහතා.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»