BRICS මුදල් ඒකකය ආනාගතය වෙනස් කරයි ද?
එක්සත් ජනපද ඩොලරය වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා නිල මුදල් ඒකකය වේ.
කෙසේ වෙතත්, ඩොලරය ඉවත දමා ඇමරිකානු ආධිපත්‍යය පසුපසට තල්ලු කිරීමේ උත්සාහයක් ලෙස නව මුදල් ඒකකයක් නිර්මාණය කිරීම පිළිබඳව මෑත කාලයේ කතා බහට ලක් විය.
B-බ්‍රසීලය R-රුසියාව I-ඉන්දියාව C-චීනය S-දකුණු අප්‍රිකාව යන රටවල් එකට ඇඳෙමින් එක්සත් ජනපද ඩොලරය වෙනුවට පොදු මුදල් ඒකකයක් සම්මත කර ගැනීමට ක්‍රියාකරමින් සිටී.මෙම ක්‍රියාවලිය සාර්ථක වුව හොත් ඇමරිකාවේ ආධිපත්‍යයට මරු පහරක් එල්ලවනු ඇත.
විශේෂයෙන්ම පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වූ රුසියා-යුක්රේන යුද්ධයෙන් පසු මෑත කාලයේ දී මෙම ඩොලර් ඉවත් කිරීමේ ක්‍රියාවලියට උත්තේජනයක් ලැබිණි.
එක්සත් ජනපද ඩොලරය මුදලේ රජු ලෙස හැඳින්වේ. එය 1944 දී ලෝකයේ නිල සංචිත මුදල් බවට පත් විය. මෙම තීරණය ගනු ලැබුවේ මිත්‍ර රටවල් 44 ක නියෝජිත පිරිසක් විසින් බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුම ලෙසිනි.