සූර්යග්‍රහණය නිසා නයගරා ප්‍රදේශයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි.

අප්‍රේල් 8 සූර්යග්‍රහණය නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් නයගරා ප්‍රදේශයට පැමිණීමට නියමිතව ඇති හෙයින් ප්‍රදේශයේ හදිසි තත්වයක් මාර්තු 28 බ්‍රහස්පතින්දා සිට බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කිරීමට සිදූවූබව ප්‍රාදේශීය සභාපති ජිම් බ්‍රැඩ්ලි විසින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක දැක්වෙනව.

මේවනවිට නයගරා අවට සියලුම හෝටල් හා නිවාඩු නිකේතන මුලුමනින්ම පාහේ වෙන්කර ඇති බවයි පැවසෙන්නේ.අප්‍රේල් 8 වන දින සූර්යග්‍රහණය නැරඹීම සඳහා නයගරා වෙත පැමිණෙන අමුත්තන් සාදරයෙන් පිළිගන්නා බවත්, ආරක්ෂිතව භුක්ති විඳීමට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කටයුතු සූදානම්කරන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනව.

(Global News ඇසුරෙන්)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»