එක් සූට්කේසයක් රැගෙන කැනඩාවට පැමිණි ඹහු ඩොලර් සූට්කේසයක් රැගෙන අලුත් ජීවිතයක් පටන්ගනී…

මෙය වාර්තා වනුයේ මාස දෙකකට ඉහතදී දින දිනුම් අදින ලද 6/49 ලොතරැයි යේ ජයග්‍රාහකයෙකු ගෙනි.ලොටෝ 6/49 ගෝල්ඩ් බෝල් ජැක්පොට් දිනාගෙන මාස දෙකකට වැඩි කාලයකට පසු ඹහු තම දිනුම් ත්‍යාගය ලබාගැනීම සඳහා ඉදිරිපත්වී ඇත.

නොයෙල් පැට්‍රිසියෝ වන ඹහු ටොරොන්ටෝවල ජීවත් වන්නෙකි.”

මම වැඩ කරමින් සිටියෙමි, ටොරොන්ටෝ හි කවුරුන් හෝ ජයග්‍රහණය කළ අයෙකු රූපවාහිනියෙන් දුටුවෙමි,” පැට්‍රිසියෝ සිහිපත් කළේය. “මගේ ප්‍රවේශ පත්‍රය මගේ සාක්කුවේ ඇති අතර මම පරීක්ෂා කළ අතර එහි සඳහන් වන්නේ ඩොලර් 68,000කි. ඊට පස්සේ මම මගේ සහෝදරියට කතා කරලා පැවසුවා ‘මම ලොටෝ එකක් දිනලා, $68,000.ක් ’ ඇය මගෙන් ඇහුවා ‘බිංදු කීයක් අගට තියෙනවද කියල?’ මම කිව්වා ‘බිංදු හයක්’ කියලා.”‘නෑ, ඒක ඩොලර් මිලියන 68ක්!'” එය අසනවාත් සමඟම මම පුදුම වූවා පැට්‍රිසියෝ පවසා ඇත.

කැනඩාවට පැමිණෙනවිට ඹහු එක සූට්කේසයක් පමනක් රැගෙන පැමිණ ඇති අතර සුළු රැකියාවකින් ජීවිතය අරඹා ඇත.කෝටිපතියෙක් වූවත් එම රැකියාව අත් නොහරිනබව පවසා ඇත.

(CityNews ඇසුරෙන්)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»