ඉම්රාන් ඛාන් වසර 3 කට සිරගෙට..

පකිස්ථානයේ හිටපු අගමැති සහ සුපිරි ක්‍රිකට් නායකයකු වූ ඉම්රාන් ඛාන් ට අවුරුදු 3 ක සිර දඬුවමක් නියමකර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනව.

නීතිවිරෝධී ලෙස රාජය සතු ත්‍යාග භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් පැවති නඩුවිභාගයකින් පසු වරදකරු වීමෙනුයි මෙසේ සිර දඬුවම් නියම කර තිබෙන්නෙ.ඒසමඟම වසර පහක් යනතුරු ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම ඉම්රාන් ඛාන් ට ඉස්ලාමාබාද් අධිකරණය තහනම් කර ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොලිසිය ඔහුගේ ලාහෝර්හි නිවස වටකර ඹහුව අත්අඩංගුවට ගෙන තිබෙනව.

(Photo credit to owners)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»