ඇමරිකාවේ ප්‍රධාන සරසවියක ශ්‍රීලාංකික යෙකුට ලොකු තනතුරක්..

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ 16 වැනි අධ්‍යාපන ප්‍රධානියා ලෙස දැනට කෝනල් විශ්වවිද්‍යාලයේ කලා හා විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස සේවය කරන දක්ෂ ශාස්ත්‍රීය නායකයෙකු, කීර්තිමත් සහ පුළුල් ලෙස ප්‍රකාශිත විද්‍යාඥයෙකු සහ සම්මානලාභී කතුවරයකු වන රේ ජයවර්ධන තෝරාගෙන ඇත.

ආචාර්ය ජයවර්ධනගේ පත්වීම නිවේදනය කරමින් JHU සභාපති රොන් ඩැනියෙල්ස් කර ඇති ප්‍රකාශය…”ආචාර්ය ජයවර්ධන යනු අපගේ ආයතනය ආරම්භයේ සිටම එහි කැපී පෙනෙන චරිතයක්, නව සොයාගැනීම් සඳහා උද්‍යෝගිමත්ව ලුහුබැඳගිය දූරදර්ශී සහ සහයෝගයෙන් වැඩකල නායකයෙකි.එසේම පුළුල් ජාතික ගවේෂණයකදී හඳුනාගත් ප්‍රබල අපේක්ෂකයින් පිරිසක් අතර ඔහු කැපී පෙනුණි”.

ඔහු 2018 වසරේ සිට ඇමෙරිකාවේ කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ කලා සහ විද්‍යා පිඨයේ පීඨාධිපතිවරයා ලෙස සේවය කරයි.රේ ජයවර්ධන මහතා ශ්‍රී ලාංකිකයකු වන අතර ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර උසස් අධ්‍යාපනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇත.1994 වසරේදී යේල් විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගෙන ඇති අතර 2000 වසරේදී ආචාර්ය උපාධිය හාර්වඩ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»