ඇමරිකාවේ ශ්‍රී ලාංකිකයෙකුට අමෙරිකානු පොලිසිය වෙඩි තබා ඝාතනය කරයි..

හොරෙක් අල්ලන්න එළියට ආ රාජන්ට හොරෙක් කියල වෙඩි තියලා.මෙසේ පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත්තේ අමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ තම පවුල සමඟ ජීවත්වෙමින් සිටි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 33 හැවිරිදි රාජන් මුණසිංහ නමැති අයෙකි.

රාජන් කිසියම් කටයුත්තක් සඳහා දවල් කාලයේ නිවසින් බැහැරව සිට රාත්‍රියේ නිවසට පැමිණි අවශ්ථාවේ නිවසේ සොරකමක් සිදුවනු ඇතැයි සැක සිතී ඔහු රයිෆලයක් ද අතැතිව නිවසේ ඉදිරිපස දොරෙන් පිටතට පැමිණ සොයාබැලීමක යෙදෙන අවශ්ථාවේ එම ස්ථානයට පැමිණ ඇති පොලිස් නිලධාරියෙකු එකවර ම රාජ් අත තිබූ තුවක්කුව බිම දමන ලෙස අණ කරමින් ඔහුට වෙඩි තැබූ බව රාජන්ගේ ඥාතීන් අමෙරිකානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂාව සඳහා රාජන් රයිෆලයක් ලබා ගෙන තිබුණු බව ත් මෑත කාලයේ එම ප්‍රදේශයේ අපරාධ සිදු වූ බව ත් රාජගේ සහෝදරයා ප්‍රකාශ කර තිබේ.

ආයුධය බිම හෙළීමට සාධාරණ කාලයක් ලබා දීමට පෙර රාජ් මෙතරම් ඉක්මනින් “මරා දැමුවේ” මන්දැයි ඔස්ටින් පොලිසියෙන් ඔහුගේ ඥාතීන් ප්‍රශ්න කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»