විත්තිකරුවන්ගෙ දඩ මුදල් සාක්කවෙ දාගත් මහේස්ත්‍රාත්වරියක් දුටුතැන අල්ලන්න නියෝග…

ගාල්ල හිටපු මහේස්ත්‍රාත් වරියක් විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු දෙකක විත්තිකරුවන්ට නියම කළ රුපියල් 7,500ක දඩය රු.1500 ලෙස හා රුපියල් 5,000ක දඩය රු. 2500 ලෙස වෙනස් කර සටහන් කිරීමෙන් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට විත්තිකාරියට එරෙහිව අධිචෝදනා හතරක් යටතේ නීතිපතිවරයා විසින් 2009 වසරේදී මෙම නඩු දෙක කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබිණි.

මේ සඳහා විත්තිකාරියට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 5 බැගින් සිරදඬුවම් නියම කර තිබේ.

මේ වන විට විත්තිකාර හිටපු මහේස්ත්‍රාත් වරිය විදේශගතව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති බව රජයේ අධිනීතීඥවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් ‍රණරාජා මහතා ඇයට වරෙන්තු නිකුත් කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»