T20 World Cup 2022: SL Vs AFG

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරඟය රත්‍රී 12.00 ආරම්භවීමට නියමිතයි.

අද ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර පැවති තරඟයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහනය කිරීමත් සමඟම ඕස්ට්‍රේලියානු කණ්ඩායම ‍ප‍්‍රසාද ලකුණු සටහන අනුව පලමු කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි. ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ බලාපොරොත්තු බොහෝ දුරට ඇහිරී ඇති බවක් පෙන්නුම් කරයි.

කෙසේ වෙතත් ඉදිරියට පැවැත්වෙන තරග වලදී ලබාගන්නා පොයින්ට්ස් අනුව එය වෙනස්වීමටද ඉඩ ඇත.මේ වනවිට ශ්‍රී ලංකාවද ඇතුළත් 1 කාණ්ඩයේ පෙරමුණ ගෙන තිබෙන්නේ නවසීලන්තයයි.2 වන කාන්ඩයේ දකුනු අප්‍රිකාව පෙරමුණ ගෙන තිබෙන අතර ඉන්දියාව දෙවැනි තැනට පත්ව තිබේ.

1 වන හා 2 වන කාන්ඩ වල මුල් තැන දෙක දිනාගන්නා රටවල් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»